මනෝවිද්‍යාව විෂය ක්ෂේත්රයට අයත් ව්‍යවහාරික භාවිතයක් සහිත වඩාත් ප්‍රායෝගික ස්වාභාවයක් ගනු ලබන කාලීන වැදගත්කමකින් යුතු ඉතාමත් ජනප්‍රිය විෂය ශාඛාවක් ලෙස ‘උපදේශන මනෝවිද්‍යාව’ හැඳින්විය හැකි වේ. එමෙන් ම පුද්ගලයාගේ මනස සහ චර්යාව සමඟ සම්බන්ධව පවතින බහුවිධ චර්යාත්මක හා මානසික ගැටලූ සඳහා විසඳුම් ලබාගැනීමට අවශ්‍ය මගපෙන්වීමක් ලබාදෙන විෂය ක්ෂේත්රයක් ලෙස ද උපදේශන මනෝවිද්‍යා හැඳින්වීමට හැකිය.
උපදේශනය පිළිබඳව, එහි කාර්යභාරයන්, එහි ප්‍රතිඵල සහ ප්‍රයෝජන පිළිබඳව හෝ පුද්ගලයා මුහුණදෙන මානසික ගැටලූ සහ ඒවාට විසඳුම් සොයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සරල අවබෝධයක් හෝ සමස්ත ජනතාව තුළ ම පැවතිය යුතුය. නූතන සමාජ සංකීර්ණත්වය සමඟ ම බලාපොරොත්තු කඩවීම්, වෘත්තීය සහ ගෘහය ආශ්රිත ගැටලූ, තීන්දු තීරණ ගැනීම් හා සම්බන්ධ ගැටලූ මෙන් ම අධ්‍යාපනික ගැටලූ යනාදි වශයෙන් කායික, මානසික, ආර්ථික, අධ්‍යාපනික, වෘත්තීය සහ සමාජීය වශයෙන් බලපෑම් ඇති කරන ගැටලූ රාශියක් උද්ගත වූ පවතී. මේ නිසා ම අතීත පුද්ගල හා සමාජ සන්දර්භයන්ට සාපේක්ෂව වර්තමාන සමාජය තුළ ආතතිය, කාංසාව, විශාදය වැනි මානසික අක්‍රමතා සහ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇත. එබැවින් සෑම පුද්ගලයෙක් ම අවම වශයෙන් මේ පිළිබඳව මූලික අවබෝධයක් හෝ ලබාගෙන තිබීම අත්‍යාවශ්‍යය.